මහින්ද රාජපක්ෂ ආණ්ඩුව ගෙන යමින් තිබෙන වෛරී දේශපාලනය වෙනුවට රටට නව දේශපාලන සංස්කෘතියක් හදුන්වාදීමට කටයුතු කරන බව ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පැවසීය. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ පැවැති ප්‍රජාතන්ත්‍රවාදී ජාතික පෙරමුණේ ගම්පහ දිස්ත්‍රික් ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ උත්සවයේදීය.
එහිදී අදහස් දැක්වූ විජිත හේරත් මහතා ජනාධිපතිවරණයට පෙර වචනයට සීමා වී තිබූ රජයේ වෛරී දේශපාලනය ජනාධිපතිවරණයෙන් පසුව ක්‍රියාවෙන්ම ඔප්පු කරමින් ඇති බව පෙන්වාදුන්නේය.
වැඩි දුරටත් අදහස් දැක් වූ විජිත හේරත් මහතා පැවසුවේ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය සහ යහ පාලනය ඇති කිරීම සඳහා ප්‍රප්‍රජාතන්ත්‍රවාදී ජාතික සන්ධානය ප්‍රමුඛත්වය ගෙන ක්‍රියාකරන බවයි.





















