Home Section Blog Latest News ජනපති පවුලේ නම රැකගන්න විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවයි

ජනපති පවුලේ නම රැකගන්න විශේෂ පොලිස් ඒකකයක් පිහිටුවයි

E-mail Print PDF

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ, ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහත්වරුන්ගේ සහ රාජපක්‍ෂ පවුලේ අයගේ නම් ‘විකුණමින්’ කූට ව්‍යාපාර පවත්වා ගෙන යන බවට ලැබී ඇති පැමිණිලි ගැන පරීක්‍ෂා කිරීමට පොලිස්පති මහින්ද බාලසූරිය මහතා විසින් විශේෂ විමර්ශන ඒකකයක් ස්ථාපිත කොට තිබේ.
රටේ සිදුවන අපරාධ., වංචා, හොරකම් ආදිය ගැන පරීක්‍ෂා කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තුළ අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව (සීඅයිඞී* කොළඹ අපරාධ කොට්ඨාශය (සීසීඞී)

කොළඹ වංචා විමර්ශන කාර්යංශය, අපරාධ අංශය, අතුරුදහන් වූවන් පිළිබඳ විමර්ශන ඒකකය, විදේශ රැුකියා කටයුතු පිළිබඳ පරීක්‍ෂණ කාර්්‍යංශය, පරිසර වැරැුදි පරීක්‍ෂා කිරීමේ ඒකකය, විශේෂ පරීක්‍ෂණ ඒකකය, රාජ්‍ය බුද්ධි අංශය වශයෙන් පරීක්‍ෂණ ඒකක රාශියක් කි‍්‍රයාත්මක වන අතර, ජනාධිපති හා ඔහුගේ පවුලේ කීර්තිනාමයට හානිවන පරිදි සිදු කෙරෙන කූට ව්‍යාපාර ගැන සෙවීමට විශේෂ ඒකකයක් පොලිස් දෙපාර්තමේන්තුව තුළ ස්ථාපිත කළ ප‍්‍රථම අවස්ථාව මෙය වේ. 


ජනාධිපති හා ඔහුගේ පවුලේ සාමාජිකයිනට විරුද්ධව දේශපාලන වශයෙන් කෙරෙන හෙළිදරව් කිරීම් සම්බන්ධවත් මෙම ඒකකය කි‍්‍රයාත්මක වන්නේ දැයි පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරී කි‍්‍රෂාන්ත ජයකොඩි මහතාගෙන් විමසූ විට කීවේ, ජනාධිපති හා එතුමාගේ පවුලේ අයගේ නම් සඳහන් කරමින් කූට ව්‍යාපාර හා වංචාවලට හසුවූ පුද්ගලයින්ගෙන් පැමිණිලි රාශියක් පොලිස්පතිවරයාට ලැබී තිබෙන බැවින් ඒවා පරීක්‍ෂා කිරීම සඳහා නව පරීක්‍ෂණ ඒකකය පොලිස්පතිගේ නියමයෙන් ආරම්භ කර තිබෙන බවයි.

ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එන්.කේ. ඉලංගකෝන් මහතාගේ අධීක්‍ෂණය යටතේ නියෝජ්‍ය පොලිස්පති (අපරාධ හා සංවිධානාත්මක අපරාධ* අනුර සේනානායක මහතාගේ මෙහෙයවීමෙන් කොළඹ අපරාධ කොට්ඨාශයට අනුයුක්තව මෙම විමර්ශන ඒකකය පිහිටුවා තිබේ. 

 

Last Updated ( Wednesday, 03 March 2010 17:03 )  

Add comment


Security code
Refresh