ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගැනීමට හෝ ඔහුට එරෙහිව යුද්ධාධිකරණ නඩු විභාගයක් පැවැත්වීමට හෝ යුද හමුදා පනත යටතේ කිසිම ප‍්‍රතිපාදනයක් නැතැයි හිටපු අගවිනිසුරු සරත් එන් සිල්වා මහතා අද පැවැති මාධ්‍ය සමුළුවකදී කියා සිටියේය.හෙට සහ අනින්දා ජෙනරාල් ෆොන්සේකා මහතාට එරෙහිව යුද හමුදා අධිකරණ දෙකකදී පැවැත්වීමට සූදානම් කොට ඇති නඩු
විභාගය සහ ඔහු අත්අඩංගුවට ගැනීමේ ක‍්‍රියාවලියේ නීත්‍යානුකූලභාවය විමසුමට ලක්කරමින් අවධාරණයෙන්ම මෙම කරුණු පෙන්වා දුන් හිටපු අගවිනිසුරුවරයා මෙසේද කීය.යුද්ධාධිකරණය මගින් සැලසුම් කර ඇති නඩු විභාගය පමණක් යුද හමුදා පොලිසිය විසින් ජෙනරාල් ෆොන්සේකා මහතා අත්අඩංගුවට ගනු ලැබීමද ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 13(1* වගන්තිය කඩ කෙරෙන මූලික අයිතීන් උල්ලංඝනයකි. එසේම මෙම ක‍්‍රියාවලිය එජා සිවිල් හා දේශපාලන ප‍්‍රඥප්තියටද විශ්ව මානව හිමිකම් ප‍්‍රකාශනයටද පටහැණිය.
විශ‍්‍රාම යෑමෙන් අනතුරුව මාස 6 ක කාලය තුළ හමුදා සේවයේදී කළ හෝ නොකළ ක‍්‍රියාවක් සම්බන්ධයෙන් හමුදා පනත යටතේ අත්අඩංගුවට ගෙන යුද්ධාධිකරණයකදී නඩු පැවරිය හැක්කේ යුද හමුදා පතිවරයාට පහළින් සිටින වරලත් නිලධාරීන්ටත්, සෙසු නිලයන්ටත් පමණි. යුද හමුදාපතිවරයා සම්බන්ධයෙන් මෙවැනි පියවරක් ගැනීමට හමුදා පනත යටතේ කිසිම ප‍්‍රතිපාදනයක් නොමැත.
හමුදාපතිවරයා පත් කිරීමේ සහ ඉවත් කිරීමේ බලය ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයා වෙත පැවරෙන අතර ඔහු සම්බන්ධයෙන් යම් අධිකරණ ක‍්‍රියාමාර්ගයක් ගන්නේ නම් එය කළ හැක්කේ ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව යටතේ මිස යුද හමුදා පනත අනුව නොවේ.
ජෙනරාල් ෆොන්සේකා මහතා මෙලෙස නීතිවිරෝධි හා ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි ලෙස අත්අඩංගුවට ගැනීමටත් හමුදා අධිකරණයක් හමුවට ගෙන එ්මටත් කටයුතු කළ ක‍්‍රියාවලිය පෝෂණය කිරීමට යම් ආකාරයකට ඔහුද දායක වී තිබීම දෛවයේ සරදමකි. ප‍්‍රජාතන්ත‍්‍රවාදී අයිතීන් යම් සමාජයකට අහිමි වී යන්නේ එක්වරම නොව කඩින් කඩය. පියවරෙන් පියවරටය. ප‍්‍රජාතන්ත‍්‍ර විරෝධි සිදුවීම්වලට විවිධ හේතූන් නිසා සමාජය ඉඩ හැරීමටත් එ්වාට එරෙහිව කටයුතු නොකොට නිහඬව සිටීමත් නීතියේ ආධිපත්‍යයේ රැුකවරණය පුරවැසියාට නොලැබී යෑමේ බේදවාචකය නිර්මාණය කරන්නේය. යුද්ධය පැවති සමයේ මාර්ග මුරකපොලූ බාධක ඉවත් කිරීමේද, බලහත්කාරයෙන් ක්‍ෂණිකව උතුරට ගෙන ගොස් දැමූ කොළඹ ලොජ්වල සිටි දෙමළ ජනයා පැය 24 ක් තුළ පෙරළා රැුගෙන එන ලෙසට ශ්‍රේෂ්ඨාධිකරණය දුන් තීන්දු එදා ක‍්‍රියාත්මක කිරීමට යුද හමුදාපතිවරයා ලෙස ජෙනරාල් ෆොන්සේකා මහතා පියවර ගත්තේ නම් මෙබඳු නීතිවිරෝධී බලහත්කාරයකට සිවිල් පුරවැසි ෆොන්සේකා මහතා ලක් නොවන්නට තිබුණේ යයිද හිටපු අග විනිසුරුවරයා කීය.




















