Home Section Blog Latest News ෆොන්සේකාට තහනම් ගෝඨාභයට නොතහනම් මහින්දගේ “යකාගේ නීතිය”

ෆොන්සේකාට තහනම් ගෝඨාභයට නොතහනම් මහින්දගේ “යකාගේ නීතිය”

E-mail Print PDF

ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ වන විට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මැතිවරණ මේදිකාවල ප්‍රධාන කථිකයෙකු වී ඇති බවත්ල ඔහු එකස්ත් ජනතා නිදහස් සන්ධානයේ ජයග්‍රහණය වෙනුවෙන් මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නියැලෙමින් සිටන බවත් වාර්තා වේග පසුගිය 14 දා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ විසින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් අපේක්ෂක දුමින්ද සිල්වාගේ මැතිවරණ රැලි 09 කට සහභාගී වී ඇති අතරල ඒ සෑම අවස්ථාවකදීම දුමින්ද සිල්වා මෙවර මනාප ලැයිස්තුවේ අංක 1 ට ගෙන එන ලෙද ඉල්ලා ඇතග


ආරක්ෂක ලේකම්වරයා මෙසේ 14 වැනි දින දුමින්ද සිල්වාගේ මැතිවරණ රැලි 09 කට සහභාගී වූ බව අනාවරණය වූයේ දුමින්ද සිල්වාගේ සොයුරාගේ ගුවන් විදුලි නාලිකාව වූ හිරු ත්‍ඵ නාලිකාවේ 14 වැනි දින ප්‍රවෘත්ති ප්‍රකාශයේ ප්‍රධාන සිරස්තලය එය වූ බැවිනිග මේ අනුව කොළොන්නාව රැස්වීම් 3 ක්ල හෝමාගම රැස්වීම් දෙකක්ල මහරගමල කැස්බෑවල උතුරු කොළඹල කොට්ටේ යන නගරවැල පැවැති රැස්වීම් 09 කට ආරක්ෂක ලේකම්වරයා සහභාගී වූ බව හිරු ත්‍ඵ නාලිකාවේ ප්‍රවෘත්ති විකාශයෙන් ප්‍රචාරය වියග

මෙහි ඇති ප්‍රධාතම ගැටළුව වන්නේ ආරක්ෂක ලේකම්වරයාගේ කථිකත්වය හෝ ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධානයට පක්ෂවීම හෝ නොවේග මේ රටේ එකම නීතිය දෙදෙනෙකුට දෙයාකාරයට ක්‍රියාත්මකවීමයිග

අද දින යුධ අධිකරණයට ඉදිරිපත් කරන ජනරාල් සරත් ෆොන්සේකා මහතාට එරෙහිව නගා ඇති ප්‍රධාන චෝදනාව වන්නේ ඔහු යුධ හමුදාවේ සේවය කරන සමයේදී දේශපාලන පක්ෂ හා එහි නායකයින් සමඟ සබඳතා ඇති කර ගත් බවයිග ජනරාල්ට එරෙහිව මෙම චෝදනාව එල්ල කළ හැකි වන්නේ රාජ්‍ය පරිපාලන සේවයේ නිලධාරීන්ට හා ආරක්ෂක අංශයේ නිලධාරීන්ට දේශපාලනය කිරීම තහනම් වන බැවිනිග මේ අනුව ජනරාල් ආරක්ෂක සේවයේ නිලධාරියෙකු වන්නා සේම ආරක්ෂක ලේකම්වරයාද රාජ්‍ය පරාපාලන සේවයේ නිලධාරියෙකිග

නමුත් ජනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව ක්‍රියාත්මක වන්නාවූ නීතිය ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව ක්‍රියාත්මක නොවන්නේ ඔහු රාජපක්ෂ පවු‍ලේ අයෙතු වීමත්ල ජනාධිපතිවරයාගේ එකකුස උපන් සොයුරාවීමත් නිසා දැයි විමසිය යුතුයග

 

Add comment


Security code
Refresh