Home Section Blog Latest News ජෙනරාල් ගැන බෑන්කී මූන් යළි කියයි!

ජෙනරාල් ගැන බෑන්කී මූන් යළි කියයි!

E-mail Print PDF

හමුදා සේවයේ සක්‍රීයට යෙදී සිටියදී දේශපාලන කටයුතුවල නිරත වීම ආදී චෝදනා මුල්කර ගනිමින් ජෙනරාල් සරත් ෆොන්සේකාට එරහිව පැවැත්වෙන ප්‍රථම යුදාධිකරණ නඩු විභාගය අද (16 දා) නාවික හමුදා මූලස්‌ථානයේ මූලස්‌ථානයේදී පැවැත්වේ. මෙය ශ්‍රී ලංකා යුද හමුදා ඉතිහාසයේ ඉහළම නිලයට එරෙහිව පැවැත්වෙන පළමු යුදාධිකරණ නඩු විභාගය ලෙසද වාර්තාගත වනු ඇති අතර එය අද උදැසන 10 ට ආරම්භ වීමට නියමිතව තිබුණි.
මේ අතරේ රටේ උද්ගත වී ඇති වාතාවරණය සම්බන්ධයෙන් යළි ප්‍රකාශයක් නිකුත් කරන එක්සත් ජාතින්ගේ සංවිධානයේ මහ ලේකම් බෑන්කී මූන් මහතා, ජෙනරාල්වරයාගේ පුද්ගලික ආරක්ෂාව තහවුරු කර රටේ නීතිය තහවුරු කරන ලෙස රජයෙන් ඉල්ලා සිටි. එමෙන්ම ,උතුරේ දෙමළ පුරවැසියන්ගේ මානව අයිතින් සුරැකීමට පියවර ගන්නා ලෙසත් රජය කලින් යෝජනා කල පරිදි යෝග්‍ය දේශපාලන විසඳුමක් ඔවුන් වෙත ලබා දී අවතැන් වූවන් යළි පදිංචී කරවීමේ ක්‍රියාදාමය සම්බන්ධයෙන් තවදුරටත් කිරිමට බොහෝ දෑ ඇති බවද මහ ලේකම්වරයා උපුටා දක්වමින් එක්සත් ජාතීන්ගේ කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වේ. හිටපු ජෙනරාල් වරයාට එරෙහි යුදාධිකරණ නඩු විභාගය, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරියගේ නිර්දේශ මත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා විසින් නම්කරනු ලැබූ යුද හමුදා මේජර් ජෙනරාල්වරුන් තිදෙනකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ලක්‌ හමුවේ නාවික හමුදා මූලස්‌ථානයේ ස්‌ථාපිත කෙරෙන අධිකරණ ශාලාවකදී සිදු කෙරේ. මෙහිදී තමාගේ නිදහසට කරුණු දැක්‌වීමට අවශ්‍ය තරම් නීතිඥ සහාය ලබා ගැනීමටද ජෙනරාල් සරත් ෆොන්සේකාට අවස්‌ථාව හිමිවේ. යුද හමුදා පනතේ අංක 124 (1) අංක 102 සහ අංක 109 ඊ යන වගන්ති යටතේ ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව මෙම යුදාධිකරණ නඩු විභාග පැවැත්වේ.

 

Add comment


Security code
Refresh