ජෙනරාල් සරත් ෆොන්සේකාට එරෙහිව පැවැත්වූ දෙවන යුදාධිකරණය එකී විනිසුරුවරුන් විසින් දින නියමයක් නොමැතිව කල්දැමූ හේතුව මේ වනවිට හෙළිදරව් වෙමින් පවති. මෙම යුදාධිකරණයේදී ජෙනරාල්වරයාට එරෙහිව නගාතිබුණු චෝදනාව ඔහුගේ බෑනාවන දණුන තිලකරත්නට අයත් ‘හයිකොප්’ සමාගමට වාසිසහගත වනලෙස ටෙන්ඩර් පටිපාටි උල්ලංඝනය කරමින් කටයුතු කළ බවයි.
එසේ හයිකොප් සමාගමට වාසිසහගත වන ආකාරයට කටයුතු කළ යුධ හමුදා ටෙන්ඩර් මන්ඩලය තුළ, යුදාධිකරණයේ විනිසුරුවරයෙකුද සිටි බවට නඩුව කැඳවු දිනට කලින්
දිනයේදී හෙළිදරව් වීම නිසා, එය මූලික විරෝධතාවයක් ලෙස ජෙනරාල්වරයාගේ නීතීඥවරු මතුකරාවිය යන සැකය මත මෙසේ විනිසුරු මඩුල්ල පත්කිරීම පිලිබද ජනාධිපතිවරයාගේ උපදෙස් පැතිම සඳහා යැයි බොරුවක් ඇදබාමින්, එම නඩුව දින නියමක් නොමැති ලෙස කල්දැමීමට විනිසුරු මඩුල්ල කටයුතු කොට ඇත්තේ මෙම කරුණ නිසාය.
මෙම කරුණ දැනගත් ජනාධිපතිවරයා නීතිපතිවරයාට දැඩිලෙස දෝෂාරෝපනය කර ඇති අතර නව විනිසුරු මඩුල්ල ලෙස කටයුතු කිරීමට ඔහු විසින් ජනාධිපතිවරයාට නිර්දේශ කරනු ලබන කිසිම මේජර් ජෙනරාල්වරයෙකු එසේ කටයුතු කිරීමට නොහැකි බවට විවිධ හේතු දක්වමින් කරඇරීම නිසා නීතිපතිවරයා මෙම නිර්දේශ සම්බන්ධයෙන් මහත් අසීරුතාවයකට පත්ව තිබේ.
අනුන්ගේ නඩුඇසීමට ගොස් තමන්ට නඩුවක් වැටේදැයි පළමුවන යුදාධිකරණයේ විනිසුරුවරුන් පවා බියෙන් පසුවන බව යුද හමුදා අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.




















