
වසා දැමුණු ප‍්‍රමුඛ බැංකුවේ තැන්පතුකරුවන්ගේ මුදල් ආපසු ගෙවීම මේ වන තෙක් සම්පූර්ණ කිරීමට ශ‍්‍රි ලංකා මහ බැංකුව අසමත් වී ඇති බවට වාර්තාවේ. 2007 වසරේදී ශ‍්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව නමින්් ආරම්භ කරන ලද ප‍්‍රමුඛ බැංකුව, තැන්පතුකරුවන් 15400කට ආසන්න පිරිසක් සදහා රුපියල් ලක්‍ෂය බැගින් වන ගෙවීම් සිදුකිරීමට එකගතාවයකට පැමිණ ඇත.
මෙකී එකඟතාවයට අනුව තැන්පත්කරුවන්ට ශ‍්‍රී ලංකා ඉතිරි කිරීමේ බැංකුව විසින් ලක්‍ෂය බැගින් ගෙවීම් සිදුකළ යුතු විය. නමුත් පසුගිය මහ මැතිවරණ සමයේ සිට ලක්‍ෂ 50-60 ඉක්ම වූ තැන්පතුකරුවන් කිහිපදෙනෙකුට පමණක් සියලූ මුදල් ගෙවන ලෙස ශ‍්‍රී ලංකා මහ බැංකුව උපදෙස් දීම මත ලක්‍ෂ 10ට ආසන්න මුදල් තැන්පත්කරුවන්ට බලවත් අසාධාරණයකට මුහුණ දීමට සිදුව ඇත. මහ බැංකුව විසින් වයස අවුරුදු 60 ඉක්ම වූ ලක්‍ෂ 50-60 තැන්පතුකරුන් අතලොස්සකට මෙකී ගෙවිම සිදුකිරීමට උපදෙස් දී ඇත්තේ ආණ්ඩුවේ දේශපාලන හිතවත්කම් මත හා එම මුදල් මහ මැතිවරණය සදහා වියදම් කිරීමේ අරමුණින් බව ලංකා ටෲත් වෙත අනාවරණය වේ. කෙසේ නමුදු මෙසේ ධනවතුන් කිහිප දෙනෙකුට පමණක් සීමා කොට මෙම ගෙවීම් සිදුකීරීම සම්බන්ධයෙන් අනෙකුත් ප‍්‍රමුඛ බැංකු තැන්පතුකරවැන් විරෝධය පළ කර සිටින බවද වාර්තා වේ