එක්සත් ජාතික පක්‍ෂයේ අහිමිවූ ඡන්ද පදනම යළි ලබාගෙන එය ජයග‍්‍රාහී පක්‍ෂයක් බවට පරිවර්තනය කිරීමේ දස වැදෑරුම් වැඩපිළිවෙලක් කුරුණෑගල දිස්ත‍්‍රික් මන්ත‍්‍රී දයාසිරි ජයසේකර මහතා පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතාට බාරදී තිබේ. දයාසිරි ජයසේකර මහතා ඉදිරිපත් කළ උපාය මාර්ගික පස් වැදෑරුම් වැඩපිළිවෙළ මෙසේය.
01.පක්‍ෂ ව්‍යවස්ථාව නැවත සකස් කිරීම
02. පක්‍ෂ සම්මේලනය කැඳවනතෙක් නොසිට වහාම පක්‍ෂයේ ප‍්‍රතිව්‍යූහගත කිරීම් ආරම්භ කිරීම
03. දිස්ත‍්‍රික් බල මණ්ඩල යාන්ත‍්‍රණය යළි පණ ගැන්වීම
04. පක්‍ෂයේ මූල්‍ය තත්ත්වය විමසා බලා පක්‍ෂ භාණ්ඩාගාරය ශක්තිමත් කිරීම හා ඒ වෙනුවෙන් විනිවිද පෙනෙන හා වගකීම් සහගත වැඩපිළිවෙලක් ඇති කිරීම
05. මෙම ප‍්‍රතිසංවිධාන වැඩ පිළිවෙළ අරඹා මාස 4 ක් තුළ පක්‍ෂ සමුළුවක් කැඳවා නව තනතුරු හා වගකීම් දක්‍ෂ පුද්ගලයන්ට පැවරීම
මෙම පස්වැදෑරුම් ප්‍රතිපත්තිය ඉදිරිපත් කරමින් දයාසිරි මහතා පවසන්නේ එක් අවස්ථාවක රටේ බහුතරය හිමිව තිබූ එක්සත් ජාතික පක්ෂයට අවම වශයෙන් 35% ක ස්ථාවර ඡන්ද ප‍්‍රතිශතයක් තිබුණද 2010 මහ මැතිවරණයේදී එය 29.32% දක්වා පිරිහීම බරපතල ගැටළුවක් බවයි. එමෙන්ම මෙම පිරිහීම මීට පෙර පැවැති මැතිවරණයෙන් මැතිවරණයට දැකගත හැකි වී යයිද පවසන ජයසේකර මහතා නැතිවුණු ඡන්ද පදනම යළි ලබා ගැනීම පිණිස සම්පුර්ණ හා උපක‍්‍රමික ප‍්‍රතිව්‍යූහගත කිරීමක් වහාම අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් මෙම පස් වැදෑරුම් ප්‍රතිපත්තිය ඉදිරිපත් කළ බවත් අවධාරණය කර ඇත.




















