Home Section Blog Latest News මර්වින් මාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලෙස පත් කිරීමට ජාත්‍යන්තර විරෝධය

මර්වින් මාධ්‍ය නියෝජ්‍ය ඇමැති ලෙස පත් කිරීමට ජාත්‍යන්තර විරෝධය

E-mail Print PDF

ශ‍්‍රී ලංකා නව රජයේ මාධ්‍ය නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස මර්වින් සිල්වා මහතා පත් කිරිම පිළිබඳව විරෝධය පළ කරමින් මාධ්‍යවේදීන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර සංවිධානයක් වන ‘දේශසීමා රහිත මාධ්‍යවේදියෝ’ රිපෝටර්ස් විතවුට් බෝඩර්ස් සංවිධානය නිවේදනයක් නිකුත් කර ඇත.

එම නිවේදනයෙන් ඔවුන් පෙන්වා දී ඇත්තේ මාධ්‍යවේදීන් හට ශාරීරිකව හිරිහැර කිරීම් හා අපහාස කිරීම්වලට ප‍්‍රසිද්ධ ඇමැතිවරයකු වන මර්වින් සිල්වා මහතා ජනමාධ්‍ය හා තොරතුරු නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස පත් කිරීමට මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරයාගේ රජය ගත් තීරණය රජය විසින් දියත් කරන්නට යන අනාගත වැඩපිළිවෙල බරපතල සැකයකට බඳුන්වන බවයි. 


මේ නිසා අනාගත මාධ්‍ය මර්දනයකට ඉඩක් නොතබා මර්වින් සිල්වා මහතා එම ධූරයෙන් ඉවත් කරන ලෙස අග‍්‍රාමාත්‍ය දී.මූ. ජයරත්න මහතාගෙන් ඉල්ලා සිටින ‘රිපෝටර්ස් විතවුට් බෝඩර්ස්’ සංවිධානය අපේ‍්‍රල් 22 දා පාර්ලිමේන්තුවේ පැවැති දිවුරුම් දීමේ උත්සවයෙන් පසු විපක්‍ෂ නායකයකු වන ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා කළ මංගල කථාව විකාශය නොකරන ලෙස ආරක්‍ෂක ලේකම්වරයා රූපවාහිනී ආයතන හා වෙබ් අඩවිවලට බලපෑම් කළ බවද එම නිවේදනයේ සඳහන් කර තිබේ.



 

Add comment


Security code
Refresh