
ඉදිරියේදී පැවැත්වෙන පළාත් පාලන මැතිවරණ වලදී ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාගේ නායකත්වයෙන් යුත් ප‍්‍රජාතන්ත‍්‍රවාදී ජාතික සන්ධානය කුසලානය ලකුණ යටතේ සියලූම පළාත් පාලන ආයතන සඳහා තරඟ වදින බැව් පක්‍ෂ ලේකම් විජිත හේරත් මහතා පවසයි.ලෝක කම්කරු දිනය වන මැයි පළමු දිනට පසුව ඉදිරි මැතිවරණ කටයුතු
සඳහා බිම් මට්ටමින් පක්‍ෂය සංවිධානය කිරිම, ආසන සංවිධායකයින් පත් කිරීම හා ශාඛා කාර්යාල විවෘත කිරීම වැනි ප‍්‍රතිසංවිධාන කටයුතු අරඹන බවත්, ජයග‍්‍රාහී ගමනක් යාම සඳහා තම පක්‍ෂය වටා එක්වන ලෙස සෙසු දේශපාලන පක්‍ෂ වන ශ‍්‍රී ලංකා නිදහස් පක්‍ෂය, එක්සත් ජාතික පක්‍ෂය හා මුස්ලිම් හා දෙමළ දේශපාලන පක්‍ෂවලින් තමන් ඉල්ලා සිටින බවත් හේරත් මහතා වැඩිදුරටත් ප‍්‍රකාශ කර සිටියේය.