උතුරු දුම්රිය මාර්ගය යථා තත්ත්වයට පත් කිරීමට යැයි කියමින් ඒ සඳහා ‘උතුරු මිතුරු’ දුම්රිය අරමුදලට හා රාත‍්‍රි කාලයේ කොළඹට පැමිණෙන ජනතාවට නතරවීමට ‘කොළඹ ගෙදර’ ඉදිකරන්නට එකතු කළ අරමුදල්වලට වුයේ කුමක්දැයි දුම්රිය සේවක අයිතීන් හා දේපළ සුරැුකීමේ සංවිධාන හිටපු ප‍්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ප‍්‍රශ්න කරයි.
සංවිධානයේ කැඳවුම්කරු සුමතිපාල මානවඩු මහතාගේ අත්සනින් නිකුත් කළ මාධ්‍ය නිවේදනයක් මගින් මේ ප‍්‍රශ්නය මතුකරයි.හිටපු ප‍්‍රවාහන ඇමැතිවරයා විසින් පිහිටුවන ලද ‘උතුරු මිතුරු’ දුම්රිය අරමුදලට දුම්රියෙන් උතුරට යාමට විශාල බලාපොරොත්තු ඇතිව සිටි ජනතාවගෙන් ඒ සඳහා විශාල ප‍්‍රතිචාරයක් ලැබුණ බවත් අරමුදල තර කිරීමට දුම්රිය සේවකයින්ගෙන් හා රජයේ සේවකයින්ගෙන් දිනක වැටුපත්, ලක්ෂ 40 පමණ වන පාසල් සිසුන්ගේ දිවා ආහාරය සඳහා ගෙන ආ මුදල් ද ඊට අමතරව ‘හදවතට ටිකට් එකක්’ යනුවෙන් නම් කොට රුපියල් 1000/- රු. 500/- සහ රු.50/- මිලකට ජනතාවට එම ටිකට් පත් අලෙවි කොට විශාල මුදලක් උපයාගත් බවත් එසේම විවිධ රාජ්‍ය ආයතන මගින්ද අරමුදලට විශාල පරිත්‍යාග කර තිබෙන බවත්, පෙන්වා දෙන දුම්රිය සේවක අයිතීන් හා දේපළ සුරැුකීමේ සංවිධානය, එසේ එකතු කරගත් අමුදල් වෙනත් ගිණුමකට බැර කිරීමෙන් හිටපු ප‍්‍රවාහන අමැතිවරයා ජනතාව රැුවටීමකට ලක්කොට ඇති බවත් එම නිවේදනයෙන් පෙන්වා දෙයි.
එසේම, එස්-9 බලවේග කට්ටල ගෙන්වීමේදී කොමිස් ලෙස ලැබුණ රුපියල් කෝටි 5 ක මුදල යොදවා රාත‍්‍රි කාලයේ කොළඹට පැමිණෙන ජනතාවට නතරවීම සඳහා ‘කොළඹ ගෙදර’ නමින් නිවාස ව්‍යාපෘතියක් ඉදිකිරීමට මීට වසර 2 කට පෙර තැබූ මුල්ගල තවමත් එසේම තිබෙන බවත් පෙන්වා දෙන එම සංවිධානය එම මුදලට වුයේ කුමක් දැයි හිටපු ප‍්‍රවාහන ඇමැති ඩලස් අලහප්පෙරුම මහතාගෙන් ප‍්‍රශ්න කර සිටී.




















