Home Section Blog Latest News රහස් පොලිසියේ ඉල්ලීම ඉවතට: ජෙනරාල් උසාවි ගේන්න නොතිසි නිකුත් කිරීම අධිකරණය ප‍්‍රතික්‍ෂේප කරයි

රහස් පොලිසියේ ඉල්ලීම ඉවතට: ජෙනරාල් උසාවි ගේන්න නොතිසි නිකුත් කිරීම අධිකරණය ප‍්‍රතික්‍ෂේප කරයි

E-mail Print PDF

උතුරේ යුද්ධයේ අවසන් මොහොතේ සුදුකොඩි වනමින් යටත්වන්නට පැමිණි පිරිසකට ආරක්‍ෂක ලේකම් වෙඩි තියන්නැයි නියෝග කළැයි හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා ‘සන්ඬේ ලීඩර්’ පුවත්පතට කළ ප‍්‍රකාශයක් ගැන කරුණු විමසීමට ෆොන්සේකා මහතා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරන්නැයි කළ ඉල්ලීමක් කොළඹ ප‍්‍රධාන මහේස්ත‍්‍රාත් චම්පා ජානකී රාජරත්න මහත්මිය ඊයේ (03* ප‍්‍රතික්‍ෂේප කළාය.

සිද්ධියට අදාල සාක්කි සම්බන්ධ ලිඛිතව ඉදිරිපත් නොකිරීම නිසා ෆොන්සේකා මහතාට නොතිසි නිකුත් කිරීම ප‍්‍රතික්‍ෂේප කළ මහේස්ත‍්‍රාත්වරිය නොතිසි නිකුත් කිරීමක් ඉල්ලා සිටින්නේ නම් එය කළ යුත්තේ සාක්කි සම්පිණ්ඩන සහිතව බව රහස් පොලිසියට දැනුම් දුන්නාය.

සිද්ධිය සම්බන්ධව පරික්‍ෂණවලට අදාලව වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කළ රහස් පොලිසිය සන්ඬේ ලීඩර් පුවත් පත ‘ගෝඨා  ඕඩර්ස් ටු ඩෙත්’ යන සිරස්තලය යටතේ පළකළ පුවත පසුගිය ජනාධිපතිවරණයේ දැඩි ආන්දෝලනයකට ලක්වූ බව දැනුම් දුන්නේය.


මේ පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් මත එම පුවත් පත ෆ්‍රෙඞ්රිකා ජෑන්ස් මහත්මියගෙන්ද, ජ්‍යෙෂ්ඨ හමුදා නිලධාරියකුගෙන්ද ප‍්‍රශ්න කොට ප‍්‍රකාශ ලබාගත් බවත් එම වාර්තාව සකස් වී තිබුණේ ෆොන්සේකා මහතා විසින් කළැයි කියන ප‍්‍රකාශයක් පදනම් කරගෙන බවත් රහස් පොලිසිය වැඩිදුරටත් අධීකරණයට දැනුම් දුන්නේය.

හමුදා අත්අඩංගුවේ සිටින ෆොන්සේකා මහතා මැයි 07 වනදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස හමුදාපතිවරයාට නොතිසි නිකුත් කරන්නැයි රහස් පොලිසිය ඉල්ලා සිටියේය.

රහස් පොලිසිය සිද්ධියට අදාළව ලබාගත් සාක්කිවල සවිස්තරාත්මක වාර්තාවක් උසාවියට ඉදිරිපත් කරන ලෙස නියම කළ මහේස්ත‍්‍රාත්වරිය ෆොන්සේකා මහතාට නොතිසි නිකුත් කිරීම ප‍්‍රතික්‍ෂේප කළාය.

 

Add comment


Security code
Refresh