Home Section Blog Latest News අය-වැය අතුරු සම්මත ගිණුම් නෑ: ජනාධිපති නියමයෙන් කෝටි 44015 ක් ඒකාබද්ධ අරමුදලින්

අය-වැය අතුරු සම්මත ගිණුම් නෑ: ජනාධිපති නියමයෙන් කෝටි 44015 ක් ඒකාබද්ධ අරමුදලින්

E-mail Print PDF

මහා මැතිවරණයෙන් පසුව පත්වන අලූත් ආණ්ඩුව අය-වැය ලේඛනයක් ඉදිරිපත් කරන බවට 2010 වසරේ මුල් සිව් මස වෙනුවෙන් රජයේ වියදම් සඳහා අතුරු සම්මත ගිණුමකින් මුදල් වෙන්කර ගැනීමේදී රජය කියා සිටියද එසේ නොකොට ඉදිරි තෙමස සඳහා ද ඒකාබද්ධ අරමුදලින් රුපියල් දශ ලක්‍ෂ 440147 ක් රජයේ වියදම් සහ ණය පියවීම සඳහා ලබා ගැනීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බලය ලබාදී තිබේ.

කතානායක චමල් රාජපක්‍ෂ මහතා පාර්ලිමේන්තුවට ඊයේ (04* නිවේදනය කළේ රජයේ වියදම් සහ ණය පියවීම සඳහා ඒකාබද්ධ අරමුදලෙන් රුපියල් දශ ලක්‍ෂ 440147 ක මුදලක් නිකුත් කිරීමට ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා බලය ලබාදී ඇති බවත් මෙම වසරේ අපේ‍්‍රල් 22 සිට ජූලි මස 22 දක්වා තෙමසක කාලයක් උදෙසා එය බලපැවැත්වෙන බව ජනාධිපතිවරයා දැනුම් දී ඇති බවත්ය.



ජනාධිපතිවරයා විසින් ඒ සම්බන්ධයෙන් එවන ලද ලිපිය පිළිබඳව කතානායකවරයා සභාවට නිවේදනය කිරීමෙන් පසුව විපක්‍ෂ නායකවරයා ඇතුළු විපක්‍ෂයේ මන්ත‍්‍රීවරුන් කිහිප දෙනෙක්ම රීති ප‍්‍රශ්න මතුකරමින් ප‍්‍රකාශ කළේ අය-වැය ලේඛනයක් ඉදිරිපත් නොකොට මෙලෙස ඒකාබද්ධ අරමුදලින් මුදල් වෙන් කිරීම පාර්ලිමේන්තුව සතු මුදල් පාලන බලතල උදුරා ගැනීමක් සහ පාර්ලිමේන්තුවේ බලය හෑල්ලූ කිරීමක් බවත්ය.

එම විවේචනවලට පිළිතුරු වශයෙන් සභානායක අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවැසුවේ නීතිපතිවරයාගේ උපදෙස් අනුව ගත් මෙම පියවර විපක්‍ෂය නොපිළිගන්නේ නම් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවට යා හැකි බවත්, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 150 (3* වගන්තිය යටතේ ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් කතානායකවරයාට දැනුම් දී ඇති බවත්ය.

 

Add comment


Security code
Refresh