
හදිසි නීතිය ලිහිල් කිරීම යටතේ ඉවත් කොට ඇති රෙගුලාසි මෙසේය. ඇඳිරි නීතිය පැනවීමේ බලය, පෙළපාලි, රැුස්වීම් පැවැත්වීම සහ ලිපි ලේඛන මුද්‍රණය හා බෙදා හැරීම පිළිබඳව පැවති සීමා කිරීම්, සිතියම් ඡුායාරූප ගත කිරීම, කටකතා හා අසත්‍ය ප‍්‍රචාර පැතිරවීමට එරෙහි රෙගුලාසි, මරණ තර්ජන, බිය වැද්දීම් ආදිය සම්බන්ධයෙන් පනවා තිබූ විධි විධාන, අධිකරණ අවසරයකින් තොරව පෞද්ගලික ගොඩනැගිලිවලට
ඇතුළුවීමට හා අත්පත් කර ගැනීමට ආරක්‍ෂක අංශවලට ලබාදී තිබුණු බලතල, ගෘහමූලිකයන් විසින් සිය නිවෙස්වල පදිංචිකරුවන් පිළිබඳ තොරතුරු පොලිසිවලට ලබාදිය යුතු බවට පනවා තිබූ නියමය, සාක්කි නීතියෙන් පිටස්තරව පාපොච්චාරණ ආදිය පිළිගැනීමට තිබූ ඉඩකඩ, රහස් පරීක්‍ෂණ කටයුතුවලට පනවා තිබූ රෙගුලාසි, ආරක්‍ෂක හමුදා සාමාජිකයන් මෝටර් රථවාහන පනතේ විධි විධානවලින් නිදහස් කිරීම සහ යුද්ධය පැවති කාලයේදී හමුදාවලට පවරා තිබූ පොලිස් බලතල යනාදිය මෙලෙස ඉවත් කොට තිබේ.