Home Section Blog Latest News ආචාර්ය මර්වින් ජනමාධ්‍යයෙන් මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ධූරයට !

ආචාර්ය මර්වින් ජනමාධ්‍යයෙන් මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ධූරයට !

E-mail Print PDF

මෙවර ඇමැති ධූර ලබාදීමේදී ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධූරය ලබා ගත් ආචාර්ය මර්වින් සිල්වා මහතා ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වී ඇති අතර, ඔහුට මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ධූරය ලබා දී ඇත. මහාමාර්ග නියෝජ්‍ය ඇමැතිවරයා ලෙස ආචාර්ය මර්වින් සිල්වා මහතා අද (05)පෙරවරුවේ ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දුන්නේය. මහාමාර්ග ඇමැතිවරයා වන්නේ ජනාධිපතිවරයායි. මේ අනුව මහා මාර්ග අමාත්‍යංශයේ ඇමැති ධූරය මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් හෙබවනු ලබන අතර, එහි නියෝජ්‍ය ඇමැති ධූරය හොබවන්නේ ආචාර්ය මර්වින් සිල්වා මහතායි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ආචාර්ය මර්වින් සිල්වා මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසා ඇත්තේ තමන් මහාමාර්ග නියෝජ්‍ය ඇමැති ලෙස වැඩ භාර ගත්තේ ජනමාධය නියෝජ්‍ය ඇමැති ධූරයට අමතරව බවයි. නමුත් ජනාධිපති මාධ්‍ය ඒකකය පවසන්නේ ආචාර්ය මර්වින් සිල්වා මහතා අද ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැති ධූරයෙන් ඉල්ලා අස්වූ බවයි. නමුත් මර්වින් සිල්වා මහතා ජනමාධය නියෝජ්‍ය අමාත්‍ය ධූරයෙන් ඉල්ලා අස්වීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත. කෙසේ වෙතත් ජාතික රූපවාහිනීයට කඩාවැදී ඇරඹූ මාධ්‍ය මර්දනය හා අවස්ථා ගණනකදී සිරස ඇතුළු මාධ්‍ය ආයතන හා මාධ්‍යවේදීන් රැසකට පහරදීම හා තර්ජනය කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබූ ආචාර්ය මර්වින් සිල්වා මහතාට ජනමාධය නියෝජ්‍ය අමාත්‍ය ධූරය ලබාදීම සම්බන්ධයෙන් විවිධ අංශවලින් රජයට නොයෙක් චෝදනා එල්ල විය. කෙසේ වෙතත් අවසානයේ ආචාර්ය මර්වින් සිල්වා මහතාට ජනමාධ්‍යයෙන් ඉවත්ව මහාමාර්ගයට ගොඩවීමට සිදු වී ඇත.

 

Add comment


Security code
Refresh